
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සඳ මත කඳවුරක් ගොඩනැගීමේ ඇමරිකානු සැලසුම්වල කොටසක් ලෙස සඳ වෙත යැවීමට අපේක්ෂා කරන රොබෝ ලෑන්ඩර්ස් , ඩ්‍රෝන යානා සහ විශේෂ වාහන පිළිබඳ විස්තර නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම යානා සහ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම සඳහා තෝරාගෙන ඇති සමාගම් කිහිපය අතරට, ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස්ගේ Blue Origin අභ්‍යවකාශ සමාගමද ඇතුළත් වේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2029 වසරේදී ධුරයෙන් ඉවත් වීමට පෙර, ඇමරිකානුවන් නැවත වතාවක් සඳ මතට ගොඩබැස්වීමට ඇමරිකාවට අවශ්‍ය වී ඇත.
කෙසේ වෙතත්, මිනිසුන් නැවත චන්ද්‍ර පෘෂ්ඨය වෙත යැවීම සඳහා නාසා ආයතනය චීනය සමඟ තරඟයක නිරත වෙමින් සිටින අතර, මෙයින් අදහස් කරන්නේ මෙම නව අභ්‍යවකාශ තරඟයෙන් තමන් ජයග්‍රහණය කරන බව පෙන්වීමට නාසා ආයතනය දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.
චීනයද 2030 වසර වන විට මිනිසුන් සඳ මතට ගොඩබැස්වීමේ තමන්ගේම සැලසුම් සමඟ වේගයෙන් ඉදිරියට යමින් සිටී.
ඒ අනුව පසුගිය සඳුදා, චීනය විසින් Shenzhou-23 අභ්‍යවකාශ යානය දියත් කරමින්, එරටට අයත් ‘ටියැන්ගොන්ග්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් පිරිසක් පිටත් කර හැරියේය.
2032 වසර වන විට, න්‍යෂ්ටික සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ස්ථාවර කඳවුරක් සඳෙහි දක්ෂිණ ධ්රවයේ ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 20 ක දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නාසා ආයතනය පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේය.
නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේ, මෙම නිවේදනවලින් අදහස් වන්නේ ඇමරිකාව නැවත කිසිදා සඳ අත් නොහරිනු ඇති බවයි.
චන්ද්‍ර කඳවුරක් පිහිටුවීම මඟින් ඇමරිකාවට විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමටත්, වටිනා සම්පත් කැණීමේ හැකියාව ලැබීමටත්, වඩාත් පහසුවෙන් අඟහරු ග්‍රහයා වෙත ගමන් කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
කෙසේ වෙතත්, නාසා ආයතනයේ මෙම කාලරාමුව ප්‍රායෝගික නොවන එකක් බව බොහෝ ප්‍රවීණයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart