
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන චක්වාල් දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක ජීවත් වන ෂියා මුස්ලිම් ජාතිකයින් 100 කට වැඩි පිරිසක්, තමන් වසර ගණනාවක් තිස්සේ විදේශයන්හි ඉතිරි කරගත් මුදල්, රැකියා මෙන්ම තමන් සතු බඩු බාහිරාදිය ද අහිමිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත එරටට පැමිණ ඇත.
ඉරාන යුද සමයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පකිස්ථානයට මෙලෙස පිටුවහල් කරන ලද දහස් සංඛ්‍යාත ෂියා මුස්ලිම්වරුන් අතර මොවුන්ද වන අතර, මෙම තත්ත්වය පකිස්ථානයේ ෂියා ප්‍රජාව අතර දැඩි කනස්සල්ලක් ඇති කිරීමටත්, මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයේ විමර්ශනයට ලක්වීමටත් හේතු වී තිබේ.
තමන් පිටුවහල් කරන ලද ෂියා මුස්ලිම්වරුන් බව පවසන පකිස්ථානුවන් 103 දෙනෙකුගේ ආගමන විගමන ලියකියවිලි, වීසා තත්ත්වයන් පිළිබඳ තිර ඡායාරූප සහ ගුවන් ගමන් විස්තර රොයිටර් පුවත් සේවය විසින් පරීක්ෂා කර ඇති අතර, ඔවුන්ගෙන් 24 දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත.
එහිදී අදහස් දැක්වූ සෑම අයෙකුම කියා සිටියේ අනෙකුත් ෂියා පිටුවහල්කරුවන් රැසක් සමඟ තමන්ව ගුවන් යානාවලට නැංවීමට පෙර, තමන්ගේ බඩු බාහිරාදිය හෝ ඉතිරිකිරීම් ලබා ගැනීමට තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බවයි.
පකිස්ථාන ෂියා දේශපාලන සංවිධානයක් වන ‘මජ්ලිස් වහ්දත්-ඊ-මුස්ලිමීන්’ විසින් සකස් කරන ලද සහ රොයිටර් පුවත් සේවය විසින් නිරීක්ෂණය කරන ලද දත්ත ගබඩාවකට අනුව, ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා මෙම ගල්ෆ් අරාබි රාජ්‍යයෙන් පකිස්ථාන ෂියා මුස්ලිම්වරුන් 7,500 ක් පිටුවහල් කර ඇති බව ලැයිස්තුගත කර ඇත.
එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මොහ්සින් අබිඩි ප්‍රකාශ කළේ සැබෑ පිටුවහල් කරන ලද සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart