
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘත්‍රිම ආලෝකය මිනිසාගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය වුවද, එය වර්තමානයේ බරපතළ පාරිසරික සහ සෞඛ්‍යමය ගැටලුවක් බවට පත්ව ඇත.
‘Nature’ සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, 2014 සිට 2022 දක්වා කාලය තුළ ගෝලීය වශයෙන් රාත්‍රී කෘත්‍රිම ආලෝක විමෝචනය 16%කින් සහ එහි තීව්‍රතාවය 9%කින් ඉහළ ගොස් තිබෙන බව පෙනීයයි.
පාලනයකින් තොරව වීදි ලාම්පු, ප්‍රචාරක පුවරු සහ වාහන ප්‍රධාන ලාම්පු මඟින් නිකුත් වන අධික ආලෝකය මිනිසාගේ ස්වභාවික ‘නිදි-වැඩ චක්‍රය’ (Sleep-wake cycle) අවුල් කරයි.
විශේෂයෙන්ම දහවල සිහිගන්වන සුදු පැහැති සිසිල් ආලෝකය නිසා නිදිමත ඇති කරන ‘මෙලටොනින්’ හෝමෝනය ශ්‍රාවය වීම අඩාල වී දියවැඩියාව සහ තරබාරුකම වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩි වේ.
ස්වභාවික රාත්‍රී අඳුරට අනුවර්තනය වී සිටින සත්ව ලෝකයට ද මෙයින් දැඩි බලපෑම් එල්ල වේ.
තාරකා සහ චන්ද්‍රයා ආධාරයෙන් ගමන් ගන්නා සංක්‍රමණික පක්ෂීන් මඟතොට වටහාගත නොහැකිව විඩාවට පත් වන අතර, ඇතැම් පක්ෂීන් අකාලයේ බිත්තර දැමීමට පෙළඹේ.
ආලෝකයට ඇදී යන බිලියන සංඛ්‍යාත කෘමීන් විඩාවට පත්ව මිය යන අතර, කණාමැදිරියන් වැනි සතුන්ට සහකරුවන් සොයාගැනීම ද අපහසු වේ.
වවුලන් වැනි නිශාචර ක්ෂීරපායීන්ගේ වාසස්ථාන හැකිලෙන අතර, ජලය මතට වැටෙන ආලෝකය නිසා ආඳන් වැනි මත්ස්‍යයන්ගේ සංක්‍රමණික ගමන් මඟ අවහිර වේ.
මෙම ආලෝක දූෂණය චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ ආසියාවේ සහ ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ ඉහළ ගොස් ඇති අතර, කාර්මික අංශය හැකිලීම සහ බලශක්ති කාර්යක්ෂම ආලෝකරණය නිසා යුරෝපයේ 4%කින් පහත වැටී ඇත.
ප්‍රංශය, චෙක් ජනරජය සහ ස්ලොවේනියාව වැනි රටවල් රාත්‍රී කාලයේදී වාණිජ ආලෝක නිවා දැමීම, වීදි ලාම්පු පොළොව දෙසට පමණක් යොමු කිරීම සහ එක් වැසියකුට අදාළ විදුලි පරිභෝජනය සීමා කිරීම වැනි නීති හඳුන්වා දී ඇත.
ජර්මනියේ ‘ෆුල්ඩා’ නගරය මේ සඳහා හොඳම උදාහරණයකි.
එහි චලන ග්‍රාහක මඟින් ක්‍රියාත්මක වන ලාම්පු භාවිත කිරීම නිසා කෘමීන් මියයෑම 90%කින් අඩු කරගෙන ඇති අතර, එය ජර්මනියේ ප්‍රථම ‘තාරකා නගරය’ ලෙස ද පිදුම් ලබා ඇත.
බාහිර ආලෝකකරණයේදී සෙල්සියස් 3000 කෙල්වින් හෝ ඊට අඩු උණුසුම් කහ පැහැති ආලෝකය භාවිත කිරීම, අනවශ්‍ය වෙලාවට ලාම්පු නිවා දැමීම සහ රාත්‍රියේදී නිවසේ තිර රෙදි වසා තැබීම වැනි සරල පියවර මඟින් මෙම ආලෝක දූෂණය අවම කර ස්වභාවදහම රැකගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart