
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2026) T20 ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩකයන් ලේඛනගත කිරීමේ (Player Draft) නිල ක්‍රියාවලිය එළඹෙන ජුනි 1 වැනිදා පැවැත්වීමට නියමිත බව සංවිධායකයන් නිවේදනය කර තිබේ.
මෙවර තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටීම විශේෂත්වයකි.
6 වැනි වරටත් පැවැත්වෙන LPL තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 650කට වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටින අතර, එමඟින් තරඟාවලිය කෙරෙහි පවතින අන්තර්ජාතික අවධානය මනාව පැහැදිලි වේ.
අයි.සී.සී. (ICC) පූර්ණ සාමාජිකත්වය සහ අනුබද්ධ සාමාජිකත්වය හිමි ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 21ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් මෙවර ලියාපදිංචි වී ඇත.
වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්ථානයෙනි.
එම සංඛ්‍යාව 102කි.
ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් (75), දකුණු අප්‍රිකාව (66), බංග්ලාදේශය (48), නවසීලන්තය (41), ඕස්ට්‍රේලියාව (24), එංගලන්තය (15) සහ ඉන්දියාව (12) යන රටවලින් ද ක්‍රීඩකයෝ ඉදිරිපත්ව සිටිති.
ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටියද, විශේෂ පිරික්සුම් ක්‍රියාවලියකින් පසුව නිල ක්‍රීඩක කෙටුම්පත (Draft) සඳහා ඇතුළත් කරගනු ලබන්නේ ක්‍රීඩකයින් 310 දෙනෙකු පමණි.
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරඟාවලිය එළඹෙන ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙය විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T 20 ක්‍රිකට් සැණකෙළියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart