May 25, 2026

බණ්ඩාරවෙල, බිඳුනුවැව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කාන්තාවක විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා, ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඊයේ (24) සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අතර මෙම ජාවාරම මෙහෙයවූ බණ්ඩාරවෙල උතුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක ද වන අතර, අනෙක් සැකකාරියන් බලපිටිය, රත්නපුර සහ බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 60, 35 සහ 47 යන වයස්වල පසුවන්නියන් වේ.

උපායදූතයෙකු අදාළ ස්ථානය වෙත යොමු කරමින් පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් පැය දෙකක කාලයක් සඳහා එක් පුද්ගලයකුගෙන් රුපියල් 3,000ක මුදලක් අය කර ඇති බවයි.

එමෙන්ම, අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවට එහි පැමිණි පුද්ගලයන්ගෙන් වැඩි ඉල්ලුමක් තිබී ඇති බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඒ.ආර්.පී. අමරසිංහ සහ සහකාර පොලිස් අධිකාරී රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත, විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලක ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.