
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව, අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි රටවල් 40ක පුරවැසියන් සඳහා නොමිලේ සංචාරක වීසා ලබා දීමට පියවර ගෙන තිබේ.
ආගමන විගමන පාලක ජනරාල් අයි. චමින්ද පතිරාජ විසින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, 2026 මාර්තු 30 වැනි දින ලබාදුන් කැබිනට් අනුමැතිය සහ ඉන් අනතුරුව ආගමන විගමන රෙගුලාසි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවෙන් ලැබුණු අනුමැතියට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම නව ක්‍රමවේදය යටතේ, සුදුසුකම් ලබන විදේශීය පුරවැසියන්ට දින 30ක් සඳහා වලංගු, දෙවරක් මෙරටට ඇතුළු විය හැකි (Double-entry) විද්‍යුත් සංචාරක අනුමැතියක් (ETA) නොමිලේ ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
ඒ අනුව නොමිලේ වීසා හිමිවන රටවල් 40 වන්නේ ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේනය, බෙලරුස්, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්තානය, කුවේටය, මැලේසියාව, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ඕමානය, පකිස්ථානය, පෝලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), එක්සත් රාජධානිය (UK) සහ ඇමරිකා එක්සත් ජනපදය (US) යන රටවල්ය.
මීට අමතරව, මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරු පුරවැසියන් සඳහා ද දැනට පවතින පරිදිම කිසිදු ගාස්තුවකින් තොරව විද්‍යුත් සංචාරක අනුමැතිය සැකසීමේ පහසුකම අඛණ්ඩව හිමිවන බව චක්‍රලේඛයේ සඳහන් වේ.
ද්විපාර්ශ්වික ගිවිසුම් යටතේ ආවරණය වන ඇතැම් රාජ්‍ය තාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමියන් හැර අනෙකුත් සියලුම විදේශීය පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව බලධාරීහු පෙන්වා දෙති.
යම් හෙයකින් මෙම දින 30ක මූලික කාලසීමාවෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවශ්‍ය සංචාරකයන්ට, අදාළ ගාස්තු ගෙවීමෙන් පසු වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් කළ හැකිය.
මෙම සංශෝධිත රෙගුලාසි ඇතුළත් නිල ගැසට් පත්‍රය අද ප්‍රකාශයට පත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart