
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2026) තරඟාවලියේදී දැඩි විවේචනයට ලක් වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක රියන් පරාග් පිළිබඳ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර සිය පූර්ණ විශ්වාසය පළ කර තිබේ.
ඔහු අවධාරණය කරන්නේ විවේචන මධ්‍යයේ වුවද කණ්ඩායම මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා පරාග් බවයි.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 30ක විශිෂ්ට ජයක් ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගක්කාර මේ බව ප්‍රකාශ කළේය.
“පසුගිය වසර හතක කාලය තිස්සේ රියන් පරාග් වගේ දැඩි ලෙස විවේචනයට ලක්වුණු ක්‍රීඩකයන් මම දැකලා තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් අපි ඔහුට නායකත්වය දෙන්න තීරණය කරද්දී, මේ කණ්ඩායම මෙහෙයවන්න සුදුසුම කෙනා ඔහු බව අපිට හොඳටම විශ්වාසක් තිබුණා,” යැයි සංගක්කාර පැවසීය.
මෙවර තරඟාවලියේදී පූර්ණකාලීන නායකයකු ලෙස කටයුතු කරන 24 හැවිරිදි පරාග්, මේ දක්වා 152.80ක ලකුණු රැස් කිරීමේ වේගයක් සහිතව ලකුණු 272ක් ලබාගෙන ඇත.
ඊට ඇතුළත් වන්නේ අර්ධ ශතක දෙකක් පමණක් වුවද, ඔහු නායකයකු ලෙස ඉතා පරිණතව සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කළ බව සංගක්කාර පෙන්වා දුන්නේය.
කොන්දේ මස්පිඩු පෙරළීමේ ආබාධයක් හේතුවෙන් පෙර තරඟය අහිමි වූ පරාග්, මුම්බායි කණ්ඩායමට එරෙහිව නැවත කණ්ඩායමට එක්වෙමින් පන්දු 8කින් ලකුණු 14ක් රැස් කළේය.
මෙම තරඟයේදී රාජස්ථාන් කණ්ඩායම කඩුලු 8කට ලකුණු 205ක් රැස් කළ අතර, මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් පසුගිය තරඟ වාර 3 ඇතුළත දෙවැනි වරටත් ප්ලේ-ඕෆ් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
පිතිකරණ ලැයිස්තුවේ ශුභම් ඩුබේට පෙර ජොෆ්රා ආචර්ව පිටියට එවීම පිළිබඳ ද සංගක්කාර කරුණු පැහැදිලි කළේය.
එහිදී ආචර් පන්දු 15කින් ලකුණු 32ක් රැස් කරමින් ඔහුගේ ඉහළම IPL ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.
“අපි වෙනත් පිතිකරුවෙක් කලින් එව්වා නම්, අපිට දසුන් ශානකට පන්දු වාර 4ක්ම ලබා දෙන්න සිද්ධ වෙනවා. මෙවැනි තණතීරුවක එය ඉතාමත් අවදානම් සහගතයි,” යැයි ඔහු පැවසීය.
ආබාධ තත්ත්වයක් හේතුවෙන් රවීන්ද්‍ර ජඩේජා ‘ඉම්පැක්ට් ප්ලේයර්’ ලෙස පිටියට එවීමට ප්‍රමාද වූ බව පැවසූ සංගක්කාර, පසුව ඔහු ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම ද අගය කිරීමට අමතක නොකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart