
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළ යාම සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය සිය බලවත් කනස්සල්ල පළ කර සිටියි. එමෙන්ම, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සහ ඔවුන්ගේ ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසද එම ආයතනය ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශයේ යුනිසෙෆ් නියෝජිත රනා ෆ්ලවර්ස් කියා සිටියේ, දරුවන්ට ආරක්ෂාව ලැබිය යුතුම ස්ථානවලදී පවා ඔවුන් දූෂණයට හා ඝාතනයට ලක්වීම පිළිබඳ මෑතකාලීන සිදුවීම්වලින් තමන් දැඩි කම්පනයට හා කනගාටුවට පත්වූ බවයි.
ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, 2026 වසරේදී බංග්ලාදේශයෙන් වාර්තා වන කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි මෙවැනි කුරිරු සහ ලිංගික ප්රචණ්ඩත්වයන් හරහා පහත සඳහන් අවශ්‍යතාවල ඇති හදිසි වැදගත්කම මැනවින් පැහැදිලි වන බවයි:
ළමා ආරක්ෂණ පියවරයන් වඩාත් ශක්තිමත් කිරීම.
ස්ත්‍රී-පුරුෂ භාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වයන් වැළැක්වීම.
ළමා හිතකාමී අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම.
වඩාත් ගුණාත්මක සමාජ උපකාරක සේවාවන් සැපයීම.
වැරදිකරුවන්ට දඬුවම් නොලැබී බේරී යාමේ සංස්කෘතිය වහාම අවසන් විය යුතු බව යුනිසෙෆ් ආයතනය අවධාරණය කරයි.
මේ සඳහා පාසල්, මද්රසා, සේවා ස්ථාන, අසල්වැසි ප්‍රදේශ සහ රැකවරණ ආයතන තුළ වගවීම සහ වගකීම මීට වඩා දැඩි කළ යුතු බවට ඔවුහු ඉල්ලා සිටිති.
එමෙන්ම, වින්දිතයන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගැනීමෙන් වැළකී, ඔවුන්ගේ ගෞරවය සහ පෞද්ගලිකත්වය සුරකින ලෙස එක්සත් ජාතීන්ගේ මෙම ආයතනය මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart