
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ උද්ගතව තිබෙන මූල්‍ය අර්බුදය සඳහා මහ බැංකු අධිපතිවරයා ද වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එහිදී ඔහු පෙන්වා දුන්නේ රටක මූල්‍ය පාලනය මහ බැංකුව යටතේ පවතින බැවින් රුපියල අවප්‍රමාණය වීම සම්පූර්ණයෙන් පවතින්නේ බැංකුව සතුව බවයි.
මහ බැංකුවට ස්වාධීනත්වය ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩිව විරුද්ධ වූ බව පැවසූ මන්ත්‍රීවරයා එයින් බරපතල ගැටලුවක් නිර්මාණය වන බව තමන් දැන සිටි බව ද පැවසුවේය.
පෙර පැවැති රජයන්ට සොරකම සම්බන්ධයෙන් දොස් පැවරූ එදා විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවට දැන් අලුත් උත්තරක් ඇතැයි ද ඔහු පැවසීය.
එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දැන් සිදුවන්නේ සොරකම් නොව ඒවා වංචා බවයි.
ඒ කාලයේ අමාත්‍යවරුන් හොරු බව පැවසූ පිරිස වර්තමානයේ රාජ්‍ය නිලධාරී හොරු බව පවසන බව ද ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේවා පිළිකාවකට පැනඩෝල් ලබාදීමක් වැනි ක්‍රියාවක් බවයි.
වර්තමානයේ සිදුවන්නේ වචනවලින් සෙල්ල්ම් කිරීමක් බවට චෝදනා කළ මන්ත්‍රීවරයා වත්මන් රජය තුළ සිදුවන්නේ පුද්ගලීකරණය කිරීමක් නොව ප්‍රතිව්‍යුවහගත කිරීමක් ලෙස පවසන දෙයක් බව ද පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart