
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බටහිර ආසියානු කලාපීය ගැටුම් හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා රුපියල ස්ථාවර කර ගැනීම සහ අනවශ්‍ය වියදම් පාලනය කිරීම සඳහා රජය විසින් අතිරේක ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් Sunday Times පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකිරීම සහ 2022 ආර්ථික අර්බුද සමයේදී ගන්නා ලද ඇතැම් ක්‍රියාමාර්ග වෙත නැවත යොමුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
වාහන ආනයනය අධෛර්යමත් කිරීම සහ රුපියල මත ඇති පීඩනය ලිහිල් කිරීමේ අරමුණින් පසුගිය සතියේ පැනවූ, වාහන රේගු බදු සඳහා වන 50% ක සර්චාජ් (අධිභාර) බද්ද පනවා ඇති මාස තුනක කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීම ද මෙම පියවරයන්ට ඇතුළත් විය හැකිය.
එමෙන්ම, දැනට වාණිජ වාහන සඳහා 70% ක් සහ පෞද්ගලික වාහන සඳහා 50% ක් ලෙස පවතින වාහන සඳහා වන ණය වටිනාකම් සීමාව (Loan-to-Value) ඉහළ නැංවීමට ද රජය සලකා බලමින් සිටී.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන ආනයනය සඳහා පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් වැයකර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
2022 ආර්ථික අර්බුද සමයේදී සිදු කළාක් මෙන්, විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකිරීමට ද සාකච්ඡා වෙමින් පවතී.
දැඩි විදේශ විනිමය හිඟය හේතුවෙන් 2022 වසරේදී මහබැංකුව විසින් ‘අත්‍යවශ්‍ය නොවන’ භාණ්ඩ 367 ක් ආනයනය කිරීම සීමාකරන ලදී.
මෙලෙස සීමා කරන ලද භාණ්ඩ අතර ගෘහ විදුලි උපකරණ, ඇඟලුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ මෙන්ම හිසකෙස් සහ ශරීර අලංකරණ නිෂ්පාදන ද ඇතුළත් විය.
මීට අමතරව නැවුම් පලතුරු, මාළු, කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, පිටි, ඛනිජ සහ කාබනේටඩ් ජලය, බීර, වයින් සහ මත්පැන් වැනි පුළුල් පරාසයක ආහාර සහ පාන වර්ග ද සීමාකරන ලදී.
රජය මේ සම්බන්ධයෙන් .අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු පවසා ඇත.
රුපියල දුර්වල වීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙරට සාමාන්‍ය මාසික ඉන්ධන පිරිවැය මේ වසරේ මැයි මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඩොලර් මිලියන 522 දක්වා ඉහළ ගොස් ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, 2022 වසරේදී මෙන්ම, අපනයනකරුවන් රුපියල තවදුරටත් දුර්වල වන තෙක් බලා සිටිමින් තමන් උපයන විදේශ විනිමය මෙරටට එවීමට හෝ රුපියල්වලට පරිවර්තනය කිරීමට කටයුතු නොකරන බවයි.
විදේශ විනිමය විදේශයන්හි රඳවා තබාගැනීම හෝ ඒවා ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ප්‍රමාද කිරීම වත්මන් තත්ත්වයට බෙහෙවින් බලපා ඇති බවට චෝදනා එල්ල වේ.
“දැන් ඔවුන් තමන්ගේ අපනයන ආදායම් මෙරටට ගෙන්වීම හෝ පරිවර්තනය කිරීම මාස කිහිපයකින් ප්‍රමාද කරනවා. අපනයන ආදායම් මාසයක් ඇතුළත අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීම හෝ පරිවර්තනය කිරීම සඳහා වන නීතියක් පැනවීමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart