
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාසල් ළමුන් අතර වෛරස් මෙනින්ජයිටිස් (Viral Meningitis) රෝගී තත්ත්වයක් වාර්තා වී ඇති නමුත්, ඒ පිළිබඳව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මුලින්ම දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගත් මෙම රෝගී තත්ත්වය, මේ වන විට දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවලින් ද වාර්තා වී ඇති බවයි.
ඒ අනුව දියතලාවෙන් රෝගීන් 28ක්, වැලිමඩින් 13ක් සහ රිකිල්ලගස්කඩින් රෝගීන් 25ක් පමණ වාර්තා වී තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් එක්ව මේ වන විටත් අවශ්‍ය විමර්ශන සහ මර්දන කටයුතු දියත්කර ඇති බව වෛද්‍ය කරුණාපේම සඳහන් කරයි.
පාසල් ළමුන් අතර ප්‍රධාන වශයෙන් පැතිර යන මෙම රෝගයේ පොදු රෝග ලක්ෂණ වන්නේ අධික උණ, හිසරදය සහ වමනයයි.
“සියලුම රෝගීන් පාහේ රෝහල් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, නිසි ප්‍රතිකාර සමඟ දින 5 සිට 7 දක්වා කාලයකදී රෝගය සම්පූර්ණයෙන්ම සුවවෙනවා. දැනට වාර්තා වී ඇති කිසිදු රෝගියකු බරපතල තත්ත්වයේ පසුවන්නේ නෑ” යැයි වෛද්‍ය කරුණාපේම පවසයි.
පවතින වැසි සහිත කාලගුණය සහ වෙසක් උත්සව සමය තුළ අපිරිසිදු ආහාර සහ ජලය මගින් මෙම රෝගය පැතිර යා හැකි බැවින් මහජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු අනතුරු අඟවයි.
නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත්, පිරිසිදුකම උපරිමයෙන් පවත්වාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය නිලධාරීහු මේ වන විට පාසල් බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart