
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 80ක කාලයක් තිස්සේ වාර්තා වූ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනු, ශ්‍රව්‍ය පට සහ වීඩියෝ 51ක් පෙන්ටගනය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව නිකුත් කෙරුණු දෙවැනි ලිපිගොනු පෙළ මෙයයි.
මෙම ලේඛනවලට අනුව, 1948 තරම් ඈත අතීතයේ සිටම හරිත හා තැඹිලි පැහැති දීප්තිමත් වස්තූන්, තැටි සහ ගිනි බෝල වැනි වස්තූන් අහසේ සැරිසැරූ බවට සාක්ෂිකරුවන් පවසා ඇත.
මෑතකදී, එනම් 2025 වසරේදී, බටහිර ඇමරිකානු කලාපයේ පරීක්ෂණ භූමියක පියාසර කරමින් තිබූ හමුදා හෙලිකොප්ටරයක සිටි ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියකු, අහසේ තැඹිලි පැහැති ආලෝක ධාරා රැසක් ත්‍රිකෝණාකාර හැඩයක් මවමින් අතුරුදහන් වන අයුරු දැක මවිතයට පත්වූ බව එහි සඳහන් කර තිබිණි.
එමෙන්ම, එක් වීඩියෝවක හඳුනානොගත් පියාසර වස්තුවකට ප්‍රහාර එල්ල කර කැබලි කර දමන අයුරු දැක්වෙන නමුත්, ඒ පිළිබඳ පැහැදිලි විස්තරයක් සපයා නැත.
තවත් වීඩියෝවක 2023 වසරේදී හියුරෝන් විලට ඉහළින් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් මගින් නොපැහැදිලි වස්තුවක් බිම හෙළන ආකාරය නිරූපණය වේ.
කෙසේවෙතත්, මෙම ලිපිගොනු මගින් පිටසක්වල ජීවීන් සිටින බවට හෝ ඔවුන්ගේ තාක්ෂණයන් පිළිබඳව ස්ථිර නිගමන ලබා දී නොමැති අතර, පෙන්ටගනය පවසන්නේ මේවා දෙස බලා ජනතාවට තමන් කැමති නිගමනයකට එළඹිය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපති ට්‍රම්ප්, “මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා ජනතාවටම තීරණය කරන්න පුළුවන්” යැයි පවසා තිබේ.
තවදුරටත් මෙවැනි රහස් ලේඛන ඉදිරියේදී දිගින් දිගටම මුදාහරින බව පෙන්ටගනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart