
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝසෆ් විජේ අද දින අමාත්‍ය මණ්ඩලයට නව මන්ත්‍රීවරුන් 23 දෙනෙකු ඇතුළත් කරගනිමින් සිය කැබිනට් මණ්ඩලය පුළුල් කළේය.
එහිදී විජේගේ TVK පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සහ සන්ධානගත කොන්ග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්හ.
ප්‍රධාන සන්ධානගත පක්ෂ දෙකක් වන IUML සහ VCK පක්ෂ මෙවර කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමේ කොටස්කරුවන් වී නොමැත.
මන්ත්‍රීවරුන් දෙදෙනා බැගින් සිටින මෙම පක්ෂ දෙකම TVK රජයේ බහුතරය පවත්වාගෙන යාම සඳහා ඉතා තීරණාත්මක වේ.
NDTV පුවත් සේවය වාර්තා කළේ IUML සහ VCK පක්ෂ සඳහා එක් කැබිනට් අමාත්‍ය ධුරය බැගින් වෙන් කර ඇති නමුත්, ඔවුන් තවමත් ඒ සඳහා සිය නියෝජිතයන් නම් කර නොමැති බවයි.
මෙම හවුල්කාර පක්ෂ දෙකම පසුව අවස්ථාවකදී රජයට එකතු කරගනු ඇතැයි වාර්තා වේ.
මේ වන විට රජයට බාහිරින් සහය දක්වන VCK, CPI, CPM සහ IUML යන පක්ෂවලට නිල වශයෙන් සන්ධාන ආණ්ඩුව සමඟ එක්වන ලෙස TVK නායකත්වය දිගින් දිගටම ආරාධනා කර සිටියි.
“ප්‍රධාන අමාත්‍යවරයා එය නැවත නැවතත් අවධාරණය කර තිබෙනවා. එය ඔහුගේ කැමැත්ත සහ සිහිනයයි. අපි හොඳ ආරංචියක් බලාපොරොත්තු වෙනවා. VCK ප්‍රධානී Thol Thirumavalavan ද කැබිනට් මණ්ඩලයට එක්වනු දැකීම අපගේ කැමැත්තයි,” යනුවෙන් තමිල්නාඩු පොදු කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ආදව් අර්ජුන ප්‍රකාශ කර තිබුණි.
විජේ පසුගිය මැයි 10 වනදා තවත් අමාත්‍යවරුන් නව දෙනෙකු සමඟ සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
ඔහුගේ කැබිනට් මණ්ඩලයට උපරිම වශයෙන් අමාත්‍යවරුන් 35 දෙනෙකු ඇතුළත් කරගත හැක.
අද දින නව අමාත්‍යවරුන් 23 දෙනෙකු එක්වීමත් සමඟ විජේගේ රජයේ සමස්ත අමාත්‍යවරුන් සංඛ්‍යාව 32 දක්වා ඉහළ යන අතර, ඒ අනුව VCK සහ IUML වැනි සන්ධානගත පක්ෂ සඳහා තවත් අමාත්‍ය ධුර 3 ක් ඉතිරිව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart