
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝටිපති ව්‍යවසායක ඉලොන් මස්ක් OpenAI ආයතනයට සහ එහි නායකත්වයට එරෙහිව පවරා තිබූ නඩුවෙන් පරාජයට පත්ව ඇත.
ඒ, කැලිෆෝනියා ෆෙඩරල් උසාවියක ජූරි සභාවක් ඔහුගේ චෝදනාවලට විරුද්ධව තීන්දුව ලබාදීමත් සමඟය.
මිනිස් සංහතියේ යහපත වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය (AI) සංවර්ධනය කිරීමේ සිය මුල්ම ලාභ නොලබන අරමුණෙන් OpenAI ආයතනය බැහැර වී ඇති බවට එල්ල වූ චෝදනා මුල් කරගනිමින් මෙම නඩුව ගොනුකර තිබුණි.
OpenAI ආයතනයේ විධායක නිලධාරීන් සහ හවුල්කරුවන් වන සෑම් ඇල්ට්මන් ඇතුළු පිරිස, සමාගම ලාභය මුල් කරගත් ආකෘතියක් වෙත යොමුකරමින් එහි ආරම්භක ප්රතිපත්තිවලින් බැහැර වී ඇති බවට මස්ක් චෝදනා කර තිබුණි.
එමෙන්ම ඔහු OpenAI හි වාණිජමය හවුල්කාරිත්වයන් සහ ආයතනික ව්‍යුහය ද ප්‍රශ්න කර තිබුණි.
කෙසේ වෙතත්, ඕක්ලන්ඩ්හි ජූරි සභිකයන් ඒකමතිකව තීරණය කළේ මස්ක් විසින් මෙම නඩුව නීතිමය කාල සීමාවන් ඉක්මවා ගොස් ප්‍රමාද වී ගොනු කර ඇති බවයි.
ඒ අනුව පැය දෙකකටත් අඩු කාලයක සාකච්ඡාවකින් පසු නඩුව අවසන් කිරීමට ඔවුන් පියවර ගත්හ.
මස්ක්ගේ නීතිඥ කණ්ඩායම මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවට ඉඟි කර ඇත.
කෘතිම බුද්ධි සමාගම්වල අනාගත දිශානතිය සහ පාලනය පිළිබඳව දැඩි විමර්ශනයක් පවතින වටපිටාවක, මෙම තීන්දුව OpenAI ආයතනය ලැබූ දැවැන්ත නීතිමය ජයග්‍රහණයක් සලකුණු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart