May 7, 2026

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අලාභ වාර්තා කිරීම සහ එහි සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ 2022 – 2023 මූල්‍ය වර්ෂයේදී ලාභයක් වාර්තා කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2024 වර්ෂයේ සහ 2025 වර්ෂයේ අලාභ වාර්තා කර ඇති පසුබිමක 2025 වසරේදී සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම ප්‍රශ්න සහගත බවයි.

”අලාභ වාර්තා කරන සමාගම්වලට බෝනස් ගෙවීම තහනම් කරලා තිබෙනවා. ඉතිං මේක කොයි ආකාරයෙන්ද ගෙවලා තිබෙන්නේ කියන එක අහනවා වගේම අයි එම් එෆ් එකත් එක්ක මේක සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙන ආයතනයක්. මේ සම්බන්ධයෙන් වාණිජකරණයක් කරන්න අවශ්‍යයි.”

එබැවින් පාඩු ලබන රටේ ප්‍රධාන සමාගමක් තුළ මෙවැනි ක්‍රියා සිදුවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය පිළිතුරු ලබාදිය යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.