
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (15) උදෑසන 06.00 වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, යාපනයේ චන්කානෙයි ප්‍රදේශයෙන් දෙවැනි මරණය වාර්තා විය.
මීට පෙර, මඩකලපුවේ කෝරලේපත්තුව දකුණු ප්‍රදේශයේ පුද්ගලයකු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගොස් තිබිණි.
දිස්ත්‍රික්ක 08ක පවුල් 113ක පුද්ගලයන් 3,475ක් අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පවසන්නේ පවුල් 29 ක පුද්ගලයන් 104 දෙනෙකු තාවකාලික ආරක්ෂිත නවාතැන් දෙකක තබා ඇති බවයි.
තවද, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නිවාස 88කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත.
මේ අතර අද (15) අලුයම 5.00න් අවසන් වූ පැය 24 තුළ දිවයිනට ඇදහැළුණු වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.
වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යාව සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර ප්‍රකාශ කළේ අවිස්සාවේල්ලෙන් මිලිමීටර් 180ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි.
ඊට අමතරව, හංවැල්ලෙන් මිලිමීටර් 158ක් සහ දෙහිඕවිටෙන් මිලිමීටර් 122 ක් වාර්තා විය.
කැළණි ගඟේ ජල මට්ටම ඊයේ රාත්‍රියේ සිට ඉහළ යමින් පැවතුනද, එය තවමත් අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැත.
මේ අතර, අත්තනගලු ඔය සහ අවට ප්‍රදේශවල දූනමලේ මිනුම් මධ්‍යස්ථානයෙන් මිලිමීටර් 176ක වර්ෂාපතනයක් වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart