
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන කිලෝග්රෑම් 54 ක බරින් යුත් බුද්ධ ප්රතිමාවක් විකිණීම සඳහා උත්සහා කළ පුද්ගලයන් දෙදෙනකු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (14) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වන පැල්ගහතැන්න හා ආගරතැන්න ප්රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා, යුද හමුදා සේවයෙන් විශ්රාම ලැබ සිටින බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මොවුන් අවුරුදු 50 හා 56 වයස්වල පසුවන බව පොලිසිය පවසයි.
සැකකරුවන් බුදු පිළිමයේ පෞරාණික බව හා වටිනාකම පරීක්ෂා කර බැලීම සඳහා මහනුවර කුමාර වීදියේ ස්ථානයට පැමිණ සිටියදී, පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම බුදුපිළිමයේ වටිනාකම තහවුරු කරගෙන එන ලෙස භික්ෂුන් වහන්සේ නමක් තමන්ට මෙය ලබාදුන් බව සැකකරුවන් පොලිසියට පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart