May 15, 2026

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6ක සිරදඬුවම් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඬුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැරහැරිය හොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බව නඩු තීන්දුවේ දැක්වේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කළ බව චෝදනා කරමින් වගඋත්තරකාර ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබිණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.