May 14, 2026

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා නව ජනතා පෙරමුණ ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ තංගල්ලේ දි පැවැති මැයි දින රැළියේ දී ඔහු විසින් කරන ලද ප්‍රකාශයකට අදාළවය.

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවන්නේ එම ප්‍රකාශය මගින් ටිල්වින් සිල්වා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට හා එහි සාමාජික විනිශ්චකාරවරුන්ට බරපතළ අපහාසයක් සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කර ටිල්වින් සිල්වා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ල එම විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත භාර දුන් බව සුගීෂ්වර බණ්ඩාර සඳහන් කළේය.