May 14, 2026

කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ නිලධාරී මණ්ඩලය අතර හමුවක් ඊයේ (13දා) සිදුව තිබේ.

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් ඇතුළු නිලධාරී මණ්ඩලය එක්ව සිටි මෙම සාකච්ඡාවේදී ක්‍රීඩා විද්‍යායතනය විසින් ක්‍රීඩාවට අදාළව කරන අධ්‍යාපනික කටයුතු සහ ඒ වෙනුවෙන් කියුබාවට දැක්විය හැකි සහාය පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි.

එමෙන්ම මේ වන විටත් වලංගු තත්ත්වයේ පවතින දෙරටේ ක්‍රීඩා සංවර්ධනයට අදාළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කියුබාව අතර 2012 වසරේදී අත්සන් කර ඇති ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.