May 13, 2026

ජනාදරය තරම් කෙනෙකු සතුටු කරවන දෙයක් දේශපාලනයේ නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ අල්ලස් කොමිසමට පැමිණීමෙන් පසු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ පවසන්නේ, තම මව්බිමට ද්‍රෝහී නොවීම තරම් සතුටක් මේ මහ පොළොවේ උපන් මිනිසෙකුට නොමැති බවයි.

ඔහු එම සටහනේ මෙසේ සඳහන් කරයි.

‘ජනාදරය තරම් කෙනෙකු සතුටු කරවන දෙයක් දේශපාලනයේ නොමැත. තම මව්බිමට ද්‍රෝහී නොවීම තරම් සතුටක් මේ මහ පොළොවේ උපන් මිනිසෙකුට නොමැත. මම සිටින්නේ සතුටිනි. මේ මගේ ජනතාවයි. මහින්දගේ ජනතාවයි. ඔබ සැමට ස්තුතියි. මම සිටින්නේ සතුටිනි. මේ මගේ ජනතාවයි. මහින්දගේ ජනතාවයි. ඔබ සැමට ස්තුතියි.’