May 11, 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ සිරකරුවකු වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකින් වැටී මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

වැටීමෙන් පසු රැඳවියාට බරපතළ තුවාල සිදුවී ඇති අතර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, පසුව ඔහු මිය ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.