
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
The Express Tribune පුවත්පතට අනුව, පකිස්ථානයේ ග්වාඩර් නිදහස් කලාපයේ (Gwadar Free Zone) ක්‍රියාත්මක වූ චීන සමාගමක්, වැඩ කිරීමට නොහැකි ව්‍යාපාරික වටපිටාව සහ වැඩිවන මූල්‍ය අලාභයන් හේතුවෙන් සිය කර්මාන්ත ශාලාව වසා දමා සියලුම සේවකයින් සේවයෙන් ඉවත් කර ඇති බව පසුගිය සිකුරාදා නිවේදනය කළේය.
ජාත්‍යන්තර කම්කරු දිනයේදී මෙම වසා දැමීම නිවේදනය කළ හැන්ජෙන්ග් ට්‍රේඩ් (Hangeng Trade) සමාගම, නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “වාණිජ නොවන සාධක” සහ මෙහෙයුම් දුෂ්කරතා හේතුවෙන් ව්‍යාපාරික කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි වී ඇති බවයි.
ජාත්‍යන්තර අපනයන ප්‍රමිතීන්ට අනුකූල වුවද, තම නැව්ගත කිරීම් (shipments) සිරවී පැවතීම හේතුවෙන් ව්‍යාපාරය දිගින් දිගටම පාඩු ලැබූ බව සමාගම පැවසීය.
මෙම ගැටලු විසඳා ගැනීම සඳහා පසුගිය මාස තුන පුරා බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටියද කිසිදු විසඳුමක් නොලැබුණු බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් නතර කිරීමට තමන්ට සිදුවූ බව සමාගම ප්‍රකාශ කළේය.
කර්මාන්ත ශාලාව වසා දැමීමට පෙර සේවකයින්ගේ මාස තුනක වැටුප්, දඩ මුදල්, විදුලි බිල්පත් සහ බහාලුම් ප්‍රාමාද ගාස්තු ඇතුළු සියලුම හිඟ මුදල් පියවූ බව ද හැන්ජෙන්ග් ට්‍රේඩ් සමාගම සඳහන් කළේය.
තමන් ආයෝජනය කළේ දෙපාර්ශවය අතර පවතින සහයෝගීතාවය වෙනුවෙන් වුවද, ව්‍යාපාරවල පැවැත්ම සඳහා පැහැදිලි සහ ක්‍රියා කළ හැකි ප්‍රතිපත්තිමය වටපිටාවක් අත්‍යවශ්‍ය බව සමාගම අවධාරණය කළේය.
පකිස්ථාන රජය සහ සැලසුම් අමාත්‍යාංශය චීන-පකිස්ථාන ආර්ථික සහයෝගීතාවයට දක්වන සහය පිළිබඳව ස්තුතිය පළ කරන අතරම, ග්වාඩර්හි ව්‍යාපෘති ආශ්‍රිතව පවතින අවිනිශ්චිතතාවයන් පිළිබඳව හොඳින් විමසා බලන ලෙස අනාගත ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක් ද එම සමාගම විසින් සිදු කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart