
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රශ්නගත ගල් අඟුරු ගනුදෙනු සහ ඊට අදාළ ටෙන්ඩර් ක්‍රමවේදය සම්බන්ධයෙන් ceylonwire.lk වෙබ් අඩවිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ මෙම සිද්ධියේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැටලු සහගත බවයි.
”මේකෙ දැනට නැව්ගත කරලා තියෙනවා 13 ක්. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 60 ඒවා 13 ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙට්‍රික් ටොන් 13 කින් මීට පෙර නොවැම්බරයට ඉස්සෙල්ලා 11 ක් ඇවිල්ලා තියෙනවා. ඉතිං ඒක තුළ අපිට සම්පූර්ණ ප්‍රමාණය එන්න තියෙන්නේ මම හිතන්නේ නැව් 36 ක්. ඒ 36 න් තාම 10 ක් විතර මදිවෙලා තියෙනවා. ඉතිං මේ 10 මදිවෙන කොට මේ අය… සම්මත දළ තාපජනන අගය 5900 තමයි අවම වශයෙන් අපනයනය කරන්න තිබෙන කොලිටි එක.”
”දැන් මේකෙ 6100 තියෙන එක 5900 ටත් විතර නෙමෙයි තියෙන්නේ. මේ 12 වෙනි ශිප්මන්ට් එකේ මේක 4800 ට අඩුවෙලා තියෙනවා. ඉතිං ඒ කියන්නේ සැබෑ මට්ටමට සම්පූර්ණයෙන්ම කුණු ගොඩක් එවන්නේ. දැන් මේගොල්ලෝ දැන දැනම මේ වගේ එවන්න හේතු දෙකක් තියෙනවා. ඒගොල්ලෝ ගණන් ගන්නේ නෑ හරි රැකවරණයක් තියෙනවා. නැතිනම් මේ වගේ දේකට පළවෙනි එක ප්‍රශ්නයක් වුනහම දෙවෙනි එක ප්‍රශ්නයක් වුනහම ආණ්ඩුව කෑ ගහනකොට ඒක තාමත් එවනවා කියන්නේ ප්‍රශ්නයක්.”
”හැබැයි අපේ කොන්දේසියක් තියෙනවා 5900 ට දෙකක් ආවොත් අඩුවෙන් කැන්සල් කරන්න තියෙනවා ශිප්මන්ට් එක. දැන් ඒක කරන්නෙත් නෑ. මේකට උත්තරයක් දෙන්නෙත් නෑ. ඉතිං මේක ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි අර බිමල් රත්නායක කියලා තිබ්බේ. දැන් කෑන්සල් කළොත් අපිට ගල් අඟුරු ගෙන්නන එක ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතිං ඒක හරි. නමුත් ඒකනේ මීට පෙර මෙච්චර දේවල් ගැන කතා කරකර හිටියේ. මේ වගේ දේවල් ගේනකොට එවන හැම එකම පිළිගන්නවා නම් ඒ වගේ ගනුදෙනු කරලා වැඩක් නෑනේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart