
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ සත්වෝද්‍යානයක සේවය කළ පුද්ගලයකු තම බිරිඳගේ මළ සිරුර සත්වෝද්‍යානයේ දහන යන්ත්‍රයට බැහැර කළ බව පිළිගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය වාර්තා වන හොක්කයිඩෝ හි අසහියාමා සත්වෝද්‍යානය නිවේදනය කර ඇත්තේ මේ හේතුවෙන් සත්වෝද්‍යානය ගිම්හාන ඍතුව සඳහා විවෘත කිරීම කල් දැමීමට සිදුව ඇති බවයි.
සත්වෝද්‍යානය පිහිටා ඇති අසහිකාවා නගර බලධාරීන් ද විමර්ශනයට සහයෝගය දක්වන බැවින් සත්වෝද්‍යානය විවෘත කිරීම සිකුරාදා දක්වා කල් දමන බව සඳුදා නිවේදනය කළේය.
විමර්ශකයන් පවසන්නේ සේවකයාගේ බිරිඳ මාර්තු අග සිට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඇයගේ හිතවතෙකු මෙම අතුරුදන් වීම පිළිබඳ පොලිසියට දන්වා ඇති බවයි.
පසුව පොලිසිය වයස අවුරුදු 30ක් වන සේවකයාගෙන් ස්වේච්ඡාවෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.
හොක්කයිඩෝ රූපවාහිනී විකාශනයකට අනුව, ඔහු පොලිසියට පවසා ඇත්තේ සත්වෝද්‍යානයේ දහන යන්ත්‍රයේ මළ සිරුර දමා පැය කිහිපයක් පුළුස්සා දැමූ බවයි.
පොලිසිය ඉකුත් සිකුරාදා දහන යන්ත්‍රය පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.
මේ වන විට ඔවුන් සත්වෝද්‍යාන මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් සිය භාරයට ගෙන ඇති අතර, ඒවා මළ සිරුර බැහැර කිරීමට භාවිත කර ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
සත්වෝද්‍යානය විවෘත කිරීමට පමාවීම සම්බන්ධයෙන් නගරාධිපති හිරෝසුකේ ඉමාසු ජනතාවගෙන් සමාව අයැද තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart