
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිතයට තර්ජනය කිරීම සම්බන්ධයෙන් FBI හිටපු අධ්යක්ෂ ජේම්ස් කොමේට චෝදනා එල්ල වී තිබේ.
සමාජ මාධ්‍යවල බෙදාගත් රූපයක් මගින් ඔහු තර්ජනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
රූපයේ මුහුදු බෙල්ලන් මගින් සාදන ලද ’86 47′ අංක පෙන්නුම් කරන රූපයක් පසුගිය වසරේ ඔහු Instagram හි පළ කර තිබිණි.
’86’ යනු ‘නෙරපීම’ හෝ ‘ඉවත් කිරීම’ යන අර්ථය සඳහා භාවිතා කරන ස්ලැන්ග් යෙදුමකි.
රූපයේ ඇති අංකවල තේරුම තමා නොදන්නා බව කොමේ අවධාරණය කර ඇතත් ට්‍රම්ප් සහ අනෙකුත් පරිපාලන නිලධාරීන් පවසා ඇත්තේ මෙම සටහන 47 වැනි ජනාධිපතිවරයාට එරෙහි තර්ජනයක් බවයි.
“මම අහිංසකයි, මම තවමත් බය නැහැ, මම තවමත් ස්වාධීන ෆෙඩරල් අධිකරණය විශ්වාස කරනවා.” යනුවෙන් එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කොමේ අඟහරුවාදා පැවසීය.
අධිචෝදනා පත්‍රය නිවේදනය කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී, FBI වත්මන් අධ්යක්ෂ කාෂ් පටෙල් පැවසුවේ, ආයතනයේ හිටපු අධ්යක්ෂවරයා ලෙස කොමේ එවැනි සටහනක් තැබීමේ අවධානය සහ ප්‍රතිවිපාක හොඳින් දැන සිටි බවයි.
ජේම්ස් කොමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට නින්දිත ලෙස දිරිමත් කළ බවත් එය ලෝකයට දැකගත හැකි වන පරිදි ඉන්ස්ටග්‍රෑම් හි පළ කළ බවත් කාෂ් පටෙල් අඟහරුවාදා පැවසීය.
2016 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී රුසියානු මැදිහත්වීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු, ට්‍රම්ප් ඔහුගේ පළමු ධුර කාලය තුළ කොමේ සේවයෙන් පහ කරන ලදී.
එතැන් සිට, ට්‍රම්ප් නැවත නැවතත් ඔහුට නඩු පැවරීමට ඉල්ලීම් කර තිබූ අතර අඟහරුවාදා එළිදැක්වුණු චෝදනා පත්‍රය ට්‍රම්ප් පරිපාලනය එසේ කිරීමට ගත් දෙවැනි උත්සාහයයි.
වසරකට පෙර උතුරු කැරොලිනා වෙරළ තීරයක මුහුදු බෙල්ලන්ගේ පින්තූරයක් පළ කිරීම යළි කරළියට පැමිණ ඇති බවත් මෙය එහි අවසානය නොවනු ඇති බවත් කොමේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
අධිකරණ ලේඛනවලට අනුව, ජනාධිපතිවරයාට එරෙහිව තර්ජනයක් කිරීම සහ තර්ජනයක් සම්ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් කොමේට චෝදනා එල්ල වේ.
සෑම චෝදනාවක්ම උපරිම වසර 10ක සිර දඬුවමක් ලැබෙන චෝදනාය.
අපරාධ චෝදනා ගොනු කර ඇත්තේ උතුරු කැරොලිනාවේමය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart