
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීෂෙල්ස්, මොරිෂස් සහ මැඩගස්කරය යන අප්‍රිකානු රටවල් තුන තායිවාන ජනාධිපති විලියම් ලායිගේ එස්වාටිනි සංචාරය සඳහා ලබා දී තිබූ ගුවන් සීමා අවසරය අවලංගු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය විවේචනය එල්ල කළේය.
මෙම රටවල් චීනයේ දේශපාලන ඉල්ලීම්වලට යටත් වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එස්වාටිනි හි III වන ම්ස්වාති රජුගේ පාලනයට වසර 40ක් පිරීම සහ ඔහුගේ 58 වැනි උපන්දිනය සැමරීම සඳහා ජනාධිපති ලායි 23 වනදා සිට 26 වනදා දක්වා එහි සංචාරය කිරීමට නියමිතව තිබුණි.
එහෙත් සීෂෙල්ස්, මොරිෂස් සහ මැඩගස්කරය හදිසියේම ගුවන් අවසරය ඉල්ලා අස්කරගත් බව තායිවාන ජනාධිපති කාර්යාලය අඟහරුවාදා සවස ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තරව සම්බන්ධ වීමට තායිවානය දරන උත්සාහයන් මැඩපැවැත්වීම සඳහා චීනය දියත් කර ඇති දැඩි ක්‍රියාමාර්ග හමුවේ, ගුවන් සීමාවන් අවහිර කිරීම හේතුවෙන් තායිවාන ජනාධිපතිවරයෙකුට සම්පූර්ණ විදේශ සංචාරයක් අවලංගු කිරීමට සිදු වූ පළමු අවස්ථාව මෙයයි.
චීනයේ බලපෑම මත මෙම අප්‍රිකානු රටවල් කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, මෙය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා පද්ධතිය අවභාවිත කිරීමක් බව පෙන්වා දුන්නේය.
“මෙම රටවල් චීනයේ අණ පරිදි තායිවාන නිලධාරීන්ගේ සාමාන්‍ය සංචාරවල ආරක්ෂාවට සහ ගෞරවයට බාධා පමුණුවනවා,” යැයි නම සඳහන් නොකළ ප්‍රකාශකයෙකු ඊමේල් පණිවුඩයක් මගින් සඳහන් කළේය.
“මෙම රටවල් ජාත්‍යන්තර ගුවන් සීමා කළමනාකරණය කරන්නේ ඔවුන්ට පවරා ඇති ගුවන් ගමන් තොරතුරු කලාප (Flight Information Regions) හරහායි. මෙම වගකීම පවතින්නේ ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීමට මිස බීජිං පාලනයේ දේශපාලන මෙවලමක් ලෙස භාවිත කිරීමට නොවෙයි.
මෙම අවහිර කිරීම, තායිවානයට සහ ලොව පුරා සිටින තායිවාන හිතවාදීන්ට එරෙහිව චීනය ගෙන යන බිය ගැන්වීමේ ව්‍යාපාරයේ තවත් එක් පියවරක් බවත්, එය ජාත්‍යන්තර සාමය සහ සමෘද්ධියට තර්ජනයක් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
“තායිවානයට එල්ල කරන හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික පීඩනය නතර කර අර්ථවත් සංවාදයක නිරත වන ලෙස අපි බීජිං පාලනයෙන් ඉල්ලා සිටිනවා,” යැයි ජනාධිපති ලායිගේ සංචාරය අත්හිටුවීමට බලපෑ හේතු පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart