April 22, 2026

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයකට අනුව, ශ්‍රී ලංකා T20 ලීගයේ හයවැනි අදියර SSC, ආර්.ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වේ.

විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම සඳහා වන මාර්ගගත ද්වාරය 2026 මැයි 4 වැනි දින විවෘත වේ.

LPL හි හිමිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරඟාවලියේ ඉසව් අයිතිය දරන IPG සමූහය සමඟ හවුල්කාරිත්වයෙන් තරඟාවලිය මෙහෙයවනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරගාවලිය වන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු ලංකා ප්‍රිමියර් ලීගය 2020 දී ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු වන සමන්ත දොඩන්වෙල තරඟාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ඇත.