April 21, 2026

කොන්ත්‍රාත්තුව කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයට සහභාගී වීම වසරක කාලයකට තහනම් කර තිබේ.

ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම සමග දසුන් ශානක පාකිස්තාන සුපර් ලීගයේ(PSL) 2026 වාරය වෙනුවෙන් පාකිස්ථාන රුපියල් 75ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තිබිණි.

34 හැවිරිදි දසුන් ශානක මෙම වසරේ මාර්තු 21 වැනි දින PSL තරඟාවලියෙන් ඉවත් වූ අතර, ඉන් දිනකට පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ, සෑම් කරන් වෙනුවට ආදේශක ක්‍රීඩකයකු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කළේය.

“මෙම ක්‍රීඩකයා තරඟාවලියෙන් ඒකපාර්ශ්විකව ඉවත් වීම ක්‍රීඩක ලියාපදිංචි කිරීමේ නියමයන් සහ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම යන දෙකම පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බව සමාලෝචනයෙන් නිගමනය විය.” යනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත.

මෑතකදී පැවැති T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානක තම ක්‍රියාව සම්බන්ධයෙන් කනගාටුව පළකර තිබිණි.