
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකාවේ ලුසියානා ෂ්රෙව්පෝර්ට් හි ඉරිදා උදෑසන සිදු වූ සමූහ වෙඩි තැබීමකින් ළමුන් අට දෙනෙකු මියගොස් තිබේ.
ගෘහස්ථ ගැටුමක් පිළිබඳ වාර්තා ලැබීමෙන් පසු ෂ්රෙව්පෝර්ට් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උදෑසන 6ට පමණ ඊට ප්රතිචාර දක්වා ඇත.
පොලිස් ප්රකාශක ක්රිස්ටෝපර් බෝර්ඩෙලන් අපරාධ ස්ථානය විස්තර කළ අතර එය ප්රදේශයේ නිවාස දෙකක් සහ අසල හැරිසන් වීදියේ තුනෙන් එකක් ආවරණය කළේය.
“එකිනෙකට වෙනස් ස්ථාන තුනක් තිබෙනවා, වෙඩි තැබීම සිදුවූයේ මාර්ගය දිගේ, බටහිර 79 වැනි ස්ථානයේ 300 වන කොටසේ, හැරිසන් වීදියේ මේ හා සම්බන්ධ තවත් වෙඩි තැබීමක් සිදුවෙලා, බටහිර 79 හි යාබද නිවසක් ඇති අතර එහිදී වින්දිතයන්ගෙන් එක් අයෙකු වෙඩි තැබීමෙන් පසු පලාගිහින්.”බෝර්ඩෙලන් පැවසීය.
වෙඩි තබා ඇත්තේ අවුරුදු 1 සිට 14 දක්වා වයස්වල පසුවන දස දෙනෙකුට වන අට දෙනෙකු මියගොස් ඇති බව බෝර්ඩෙලන් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“මෙම ස්ථානයෙන් පිටව ගිය පසු වගකිව යුතු පුද්ගලයා බටහිර 79 සහ ලින්වුඩ් හි කෙළවරට ආසන්නයේ මෝටර් රථ පැහැරගැනීමක් සිදු කරලා, එම අවස්ථාවේදී, ෂ්රෙව්පෝට් පොලිස් මුර සංචාර නිලධාරීන් එම වාහන ලුහුබැඳ ගොස් තිබෙනවා,” බෝර්ඩෙලන් පැවසීය.
ලුහුබැඳීමේදී නිලධාරීන් සැකකරුට වෙඩි තබා ඝාතනය කළ බව බෝර්ඩෙලන් පැවසීය.
“මෙම ස්ථාන කිහිපයේම වෙඩි තබා ඇත්තේ එකම පුද්ගලයා බව අපි විශ්වාස කරනවා,” බෝර්ඩෙලන් පැවසීය.
පොලිසිය සැකකරු පිළිබඳ කිසිදු තොරතුරක් බෙදා නොගත් නමුත්, නිවාසවල සිටි ඇතැම් දරුවන් ඔහුගේ ඥාතීන් බව බෝර්ඩෙලන් පැවසීය.
වෙඩි තැබීමට හේතුවක් මේ වන විට පැහැදිලි නැත.
සාකච්ඡාවේදී අදහස් දැක්වූ ෂ්රෙව්පෝට් නගරාධිපති ටොම් ආර්සෙනෝක්ස් පැවසුවේ ප්රජාව ශෝකයෙන් සිටින බවයි.
“මෙය ඛේදජනක තත්ත්වයක්, සමහර විට ෂ්රෙව්පෝට් හි අපට ඇති නරකම ඛේදජනක තත්ත්වය” යනුවෙන් ඔහු පැවසීය.
වෙඩි තැබීම පිළිබඳ විමර්ශනය අඛණ්ඩව සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart