
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොරියානු යුද සමයේ ලිංගික වහලුන් සිහිපත් කිරීම සඳහා ඉදිකර ඇති පිළිමයක් සිප ගන්නා ආකාරය රූගත කිරීම හේතුවෙන් චෝදනාවට ලක්වූ ඇමරිකානු යූ ටියුබ්කරුවකුට සෝල්හි අධිකරණයක් මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ.
25 හැවිරිදි ජොනී සෝමාලි, දකුණු කොරියාවේ සහ ජපානයේ ප්‍රකෝපකාරී දර්ශන මාලාවක් පටිගත කර ඒවා යූ ටියුබ් සහ ට්විච් වැනි වේදිකාවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වසර කිහිපයකට පෙර ප්‍රසිද්ධියට පත්විය.
දකුණු කොරියානු බලධාරීන් සැබෑ නම රැම්සි කාලිඩ් ඉස්මයිල් වන ඔහුට 2024 දී මහජන සාමය උල්ලංඝනය කිරීම සහ ව්‍යාපාරවලට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඔහුට රටින් පිටවීම තහනම් කළේය.
සෝමාලි ජාතිකයාගේ නඩුව සම්බන්ධයෙන් කළ විමසීමකට “අධිකරණය ඔහුට මාස හයක සිර දඬුවමක් නියම කර ඇත,” යනුවෙන් සෝල් බටහිර දිස්ත්‍රික් අධිකරණයේ නියෝජිතයකු AFP පුවත් වෙත පවසා තිබේ.
2024 ඔක්තෝබර් මාසයේදී, සෝමාලි ජාතිකයා දෙවැනි ලෝක යුද්ධයට පෙර සහ අතරතුර ජපානයේ ‘සැනසුම ගෙනෙන කාන්තාවන්’ ලෙස හැඳින්වූ, ජපන් ආක්‍රමණික හමුදා විසින් ලිංගික වහල්භාවයට බල කරන ලද කොරියානු කාන්තාවන් අනුස්මරණය කරමින් ඉදිකරන ලද පිළිමයක් අසල සිප ගනිමින් සහ ඇඹරෙන වීඩියෝවක් පළ කර තිබිණි.
මෙම සිදුවීමට දැඩි මහජන විරෝධයක් එල්ල වූ අතර, පසුව එම දර්ශන පෙළ ඉවත් කරන ලදී.
සෝමාලි ජාතිකයා සමාව අයැද සිටියේ, ප්‍රතිමාවේ වැදගත්කම ගැන ඔහු නොදැන සිටි බව පවසමිනි.
1945 දී එක්සත් ජනපද පරමාණු බෝම්බවලින් විනාශ වූ නාගසාකි සහ හිරෝෂිමා නගර දෙක පිළිබඳව උමං මාර්ග මගීන්ට 2023 දී නින්දා කිරීම ඇතුළු හැසිරීම් හේතුවෙන් සෝමාලි ජාතිකයා අසල්වැසි ජපානයේද අවධානයට ලක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart