
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවා ඇති වැඩ තහනම නොතකා මරණ පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය රුහුල් හක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන පරිදි 2023 ජනවාරි 02 වැනි දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඔවුන්ගේ තීරණය ප්‍රකාශ කරමින් ලිපියක් යොමුකිරීමෙන් අනතුරුව, වෛද්‍ය හක්ගේ වැඩ තහනම් කිරීමට අනුමැතිය ලබාදී ඇත.
අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ සේවා ත්හිටුවීම ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ අදාළ ආයතන ප්‍රධානියාට බවයි.
කෙසේ වෙතත්, මෙම ගැටලූව පිළිබඳව සොයාබැලීම සඳහා අමාත්‍යංශ මට්ටමින් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ඔහු තහවුරු කළේය.
මෙම තත්ත්වය පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවත්, වැඩිදුර විනය ක්‍රියාමාර්ග තීරණය කිරීමට පෙර ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් සිටින බවත් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart