
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනා රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති බටහිර ඖෂධ තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්ඩංගුවට ගන්නා ලදී.
ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට නීතිවිරෝධිව මෙරටට ගෙනා මේ ඖෂධ තොගය කටුනායක ගුවන්තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිට කරගෙන යෑමට තැත්කරන විට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18-25ත් අතර පිරිසකි.
මේ අතර කාන්තාවක්ද සිටින අතර ඇය 45 හැවිරිදි වියේ පසුවේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 8ක එන්නත්, පෙති, කරල් සහ ආලේපන ඇතුළත් කිලෝ ග්‍රෑම් 65ක් බර බටහිර ඖෂධ තොගයක් සඟවාගෙන තිබී ඇත.
මේ ඖෂධ පිළිබඳ රේගුවට ප්‍රකාශ කර නොතිබුණු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබිණි.
කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීහු මොවුන් අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කරමින් සිටිති.
මේ සැකකරුවන් මෙලෙස නීතිවිරෝධිව මෙවැනි ඖෂධ මෙරටට ගෙනැවිත් ඇද්දැයි රේගුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart