April 7, 2026

කිසියම් පොලිස් කොට්ඨාසයක පොලිස් නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම්, එම ප්‍රදේශයේ වැටලීම් සිදු කිරීමට පොලිස් ඒකකවලට අවසර දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ,

රැස්වීමක් අමතමින් අමාත්‍ය විජේපාල පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකායට සහ ඇතැම් අවස්ථාවල කොළඹ පොලිස් කොට්ඨාසයට ඔවුන්ගේ බල ප්‍රදේශවලින් ඔබ්බට වැටලීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි.

“යම් ප්‍රදේශයක් භාර ස්ථානාධිපතිවරයා තොරතුරු ලබාගෙන තිබියදීත් ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇත්නම්, අපි STF සහ සමහර අවස්ථාවල කොළඹ පොලිස් කොට්ඨාසයට වෙනත් පොලිස් කොට්ඨාසවල වැටලීම් සිදු කිරීමට අවසර දී තිබෙනවා. එවැනි වැටලීම් අඛණ්ඩව සිදුවෙනවා. කිසිදු බාධාවක් නැහැ,” ඔහු පැවසීය.

අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, ඕනෑම වේලාවක ඕනෑම පොලිස් කොට්ඨාසයක වැටලීම් සිදු කිරීමට පොලිසියට දැන් අවසර දී ඇති බවයි.