
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕනෑම සාධාරණ වර්ජනයකට විසඳුම් ලබාදීමට රජයට හැකියාව තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස බණ්ඩාරගමදී ඊයේ (05) පැවසීය.
අසාධාරණ ලෙස වැඩ වර්ජනයක් කිරීමේ වුවමනාව මත පමණක් වැඩ වර්ජනය කරන්නේ නම් එතැන ගැටලුවක් පවතින බව ද ඇමැතිවරයා කීවේය.
මාත්‍යවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මඟින් වෑවිට වැව්තාවුල්ලේ ඉදිකරන ලද ‘බණ්ඩාරගම ළමා උද්‍යානය’ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ජනමාධ්‍ය අමතමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගැටලුවලට විසඳුම් ලබා දී ඇති බවත් ඉදිරියේදී විසඳුම් ලබාදෙනු ඇති බවට ඔවුන් දන්නා බවත් හෙතෙම මෙහිදී කීවේය.
මේ වනවිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කර ඇති බවත් පත්වීම් සඳහා වෛද්‍යවරු 453 දෙනකුගෙන් 435 දෙනකු අයදුම් කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.
ඒ අනුව පශ්වාත් සීමාවාසික අවධියේ සිටි වෛද්‍යවරුන් 435ක් සඳහා පළමු පත්වීම සිංහල දෙමළ අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද හෙතෙම කියාසිටියේය.
දැන් වන විට මේ අයගේ ලැයිස්තු සකස් කරමින් සිටින බවත් එම ලැයිස්තුව අමාත්‍යාංශය මඟින් කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවත් කීවේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසාධාරණ ආකාරයේ වැඩ වර්ජන කිරීමෙන් මේ රටේ ජනතාව මෙන්ම රෝගීන් පීඩාවට පත්වන බව වර්ජන කරන අය හොඳින් දන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart