April 6, 2026

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් පසුගිය සතියේ කොළඹ වරායේදී උසස් තත්ත්වයේ ඕස්ට්‍රේලියානු පරිප්පු තොගයක් පිළිගනු දක්නට ලැබිණි.

“සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට හරියටම වෙලාවට මොනවද එන්නේ කියලා බලන්න! උසස් තත්ත්වයේ ඕස්ට්‍රේලියානු පරිප්පු තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට මේ උත්සව සමයේදී ලෝකයේ හොඳම පරිප්පු කරිය දිගටම භුක්ති විඳිය හැකියි,” මහකොමසාරිස් ඩක්වර්ත් ඔහුගේ X ගිණුමේ සටහන් කර ඇත්තේ ඔහු වරායේ සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමගිනි.

“මෙම අත්‍යවශ්‍ය ප්‍රධාන ආහාර ද්‍රව්‍යයේ විශ්වාසදායක සැපයුම්කරුවකු වීම ගැන ඕස්ට්‍රේලියාව ආඩම්බර වෙනවා. මෙමගින් අපගේ ද්විපාර්ශ්වික වෙළඳ හවුල්කාරිත්වය ශක්තිමත් කරන අතරම ආහාර සුරක්ෂිතතාවයට සහාය වීමට හැකියාවක් ලැබී තිබෙනවා. ඒක අපි හැමෝටම හොඳ ආරංචියක්. අපේ රටවල් දෙකේම ජනතාවට ශක්තිමත් හවුල්කාරිත්වයක්,” ඔහු ලියා ඇත..

‘ලෝකයේ හොඳම පරිප්පු කරිය සකස්කිරීම සඳහා අඩුවකින් තොරව ගෑස් ලබා ගත හැකි වේ යැයි බලාපොරොත්තු වෙනවා,’ වන බවත් ඔහු සිය සටහන සමග වැඩිදුරටත් සඳහන් කර තිබේ.