
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයායෑම කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වූ විපක්ෂයේ නායකයන් කිහිපදෙනෙකු ඔවුනට දුරකථන මාර්ගයෙන් එල්ල වූ දැඩි දෝෂාරෝපණ හේතුවෙන් එම උත්සවය අතරමඟදී ඒ ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි ‘ලංකාදීපය’ වාර්තා කරයි.
මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්වය කවුදැයි මැතිවරණ වේදිකාවේදී පුනපුනා ප්‍රකාශ කරමින් ඒ පාර්ශවයේම උත්සවයකට සහභාගි වෙමින් ඔවුනට සුදුහුණු ගෑම ඉතාම කැත, පහත් වැඩක් බවට එම දුරකථන ඇමතුම් දුන් අය ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂයේ නායකයන්ට මෙසේ දුරකථන ඇමතුම් දුන් පිරිස අතර කතෝලික පියතුමන්ලා කිහිපදෙනෙකුද සිටිතියි දැනගන්නට ඇත.
මේ අනුව මේ කාරණය ඉදිරියේදී ජනතාවට හෙළිදරව් කිරීමටද එම පියතුමන්ලා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවේ.
උදය ගම්මන්පිලගේ එම උත්සවයට විපක්ෂයේ නායකයන් සහභාගි වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක දැනටමත් සිය කනස්සල්ල පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart