April 4, 2026

කන්තලේ පොලිස් වසම තුළ පිහිටි ඇළ මාර්ගයක ගිලීමෙන් පේරතුවේලි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පිරිමි ළමයකු මියගොස් තිබේ.

එම සිසුවා මෙම වසර මුලදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බව වාර්තා වේ.

ඔහු මිතුරන් තිදෙනෙකු සමඟ ඇළ මාර්ගයේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් පසු, ප්‍රදේශවාසීන් සහ තරුණයන් සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර, අවසානයේ ඔහු දිය නාමින් සිටි ස්ථානයේ සිට මීටර් 300ක් පමණ දුරින් තිබී ඔහුගේ සිරුර සොයා ගන්නා ලදී.

කන්තලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.