
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලුණුගම්වෙහෙර මත්තල ප්‍රදේශයේ පාසලක පැවැති ක්‍රීඩා උත්සවයක් අතරතුරදී එම පාසලේ 11 ශ්‍රේණිය ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ 10 වසර ඉගෙනුම ලබන 14 හැවැරිදි සිසුවකු අතර ඇති වු ගුටි බැට හුවමාරුවකදී, එම සිසුන් දෙදෙනා අතරින් මොළයේ අභ්‍යන්තර රුධිර වාහනයකට ලක්ව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය මහා රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි සිසුවා මියගොස් ඇති බව පොලිසියට පැවැසීය.
එම සිසුවා ශල්‍යකර්මයකට ලක්කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව, පසුගිය මාර්තු 23 දින සිට ප්‍රතිකාර ලබමින් සිටියේය.
මෙම සිසුවා සමග ආරවුලට සම්බන්ධ ගැටුමට මැදිවූ සෙසු සිසුවා ද ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා පිටව යෑමෙන් පසු මත්තල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සිසුවා රුපියල් ලක්ෂ පහක සහතික ඇපයක් මත අධිකරණ මුදාහැර තිබිණි.
ඉකුත් 23 දින පාසලේ පැවැති ක්‍රීඩා උත්සවයේදී විවේක කාලයේ මෙම ගැටුම ඇති වී තිබෙන අතර, පසුව ගුරුවරුන් විසින් එම ගැටුම සමථයකට පත්කර තිබේ.
එදින පාසල නිමාවී නිවසට ගිය 15 හැවිරිදි සිසුවා අසනීප වී වමනය කර ඇති අතර, එහිදී දෙමාපියන් ඒ පිළිබඳව විමසීමේදී එම සිසුවා පවසා ඇත්තේ පාසලේදී ඇදවැටුණු බවය.
මාපියන් විසින් කඩිනමින් ඔහු ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා තිබේ.
හම්බන්තොට රෝහලෙන් නැවැත ඔහු කරාපිටිය මහරෝහලට මාරුකර යවා ඇති අතර, එහිදී රෝගී සිසුවා ශල්‍යකර්මයට ලක්කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකයට ඇතුළත් කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝග මත හම්බන්තොට කලාප කාර්යාලය මගින්ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart