
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘හැකි ඉක්මනින් සාම සාකච්ඡා ආරම්භ කරන ලෙස’ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී තම ඉරාන සහචරයාගෙන් ඉල්ලා සිටි බව චීනය නිවේදනය කරයි.
චීනයට අනුව ටෙහෙරානයේ ඉල්ලීම පරිදි ඉරාන විදේශ අමාත්‍යවරයා සමග අඟහරුවාදා පැවති බව කියන සංවාදයකදී මෙම ඉල්ලීම සිදුකර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ තවත් පිරිසක් ඉරානය සමඟ සාකච්ඡා මෙහෙයවන බවයි.
ඉරාන මූලාශ්‍රයක් අඟහරුවාදා සීඑන්එන් වෙත පවසා තිබුණේ යුද්ධය අවසන් කිරීම සඳහා ‘තිරසාර’ යෝජනාවලට සවන් දීමට ටෙහෙරාන් කැමැත්තෙන් සිටින බවයි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ කළ ඇමතුම අතරතුර, චීනයේ වැන්ග් පවසා ඇත්තේ සාකච්ඡා ‘ඉරානයේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා සඳහා වන අතර අන්තර්ජාතික ප්‍රජාවේ පොදු කැමැත්ත ද ප්රතිරාවය කරන’ බවයි.
“සියලු පාර්ශවයන් සාමය සඳහා සෑම අවස්ථාවක්ම සහ කවුළුවක්ම ප්‍රයෝජනයට ගත යුතු අතර හැකි ඉක්මනින් සාම සාකච්ඡා ආරම්භ කළ යුතුය” යනුවෙන් වැන්ග් පැවසූ බව චීනයේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
චීනය සති ගණනාවක් තිස්සේ සටන් නතර කරන ලෙස ඉල්ලා සිටි අතර ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර ද හෙළා දුටුවේය.
සටන් විරාමයකට සහාය දෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින අතර ‘සිවිල් වැසියන්ට සහ මිලිටරි නොවන ඉලක්කවලට එල්ල වන සියලු අවිචාරවත් ප්‍රහාර’ හෙළා දකින බවත් ඉරානයේ මිලිටරි පළිගැනීම් ද පැහැදිලිවම හෙළා දකින බවත් චීනය පවසයි.
චීනය දිගු කලක් ටෙහෙරානයේ ප්‍රධාන ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික හවුල්කරුවකු වී සිටියත් ගැටුම අතරතුර හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ගල්ෆ් රටවලට පහර දීමේ ඉරාන රජයේ උපක්‍රම චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සංකීර්ණ කර තිබේ.
චීන පාර්ශවයට අනුව, ඉරානය තාවකාලික සටන් විරාමයක් වෙනුවට පුළුල් සටන් විරාමයක් අත්කර ගැනීමට කැපවී සිටින බව අරග්චි වැන්ග්ට පවසා ඇත.
මේ සම්බන්ධ ඉරාන ප්‍රකාශයකින් කියැවුණේ අරග්චි ඉරානයේ ‘තම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අඛණ්ඩව කරගෙන යෑමට ස්ථිරව අධිෂ්ඨාන කරන බව’ අවධාරණය කර ඇති බවයි.
ආක්‍රමණිකයන්ට ඔවුන්ගේ ක්‍රියාවන් ගැන පසුතැවිලි වීමට සිදුවන තෙක් එය අඛණ්ඩව කරගෙන යන බව ද ඔවුන් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart