March 2, 2026

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට ආධාර ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ එම ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවයි.

මූලික, කුඩා ප්‍රමාණයේ ගෙවීම් ලබාදී තිබුණද, විශේෂයෙන් නිවාස ප්‍රතිසංස්කරණයට සහ නව නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය ආධාර ලබාදීම අතිශය මන්දගාමී ආකාරයෙන් සිදුකෙරන බව ද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ආපදාවෙන් බලපෑම්වලට ලක්වූ පාසල් දරුවන්ට ලබාදෙන දීමනාවේ ප්‍රමාදවීම් ද ප්‍රදේශ රැසකින් වාර්තා වන බවයි.

ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමෙන් වැළකී මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්නේ කවදාදැයි මන්ත්‍රීවරයා එහිදී ආණ්ඩුවන් ප්‍රශ්න කළේය.