March 4, 2026

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවකට ඇමරිකානු හමුදාව ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු නිලධාරීන් තිදෙනකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් වාර්තාවේ මෙසේද දැක්වේ,

‘එක්සත් ජනපද හමුදාව විසින් ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමූ ප්‍රහාරයකින් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉරාන නාවිකයන් දුසිම් ගණනක් බේරාගෙන ඇති බව එක්සත් ජනපද නිලධාරීහු තිදෙනෙක් බදාදා රොයිටර් පුවත් සේවයට පැවසූහ.

මෙම ගැටලුවේ සංවේදීතාව නිසා නම් සඳහන් නොකිරීමේ කොන්දේසිය මත අදහස් පළකළ නිලධාරියෙකු පැවසුවේ ප්‍රහාරය එක්සත් ජනපද හමුදා සබ්මැරීනයක් විසින් සිදුකරන ලද බවයි.

එක්සත් ජනපද ප්‍රහාරයෙන් පසු ආපදා ඇමතුමක් නිකුත් කළ අතර, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සෝදිසි සහ ගලවාගැනීමේ මෙහෙයුමක් දියත් කළහ. ශ්‍රී ලංකා බලධාරීන් පැවසුවේ, මේ වන විට පුද්ගලයන් 32 දෙනකු බේරාගෙන ඇති බවත්, මුහුදෙන් මළසිරුරු කිහිපයක් සොයාගත් බවත්ය.’