March 4, 2026

ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලයේ බවට සැකකෙරෙන මළසිරුරු කිහිපයක් සොයාගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක බුද්ධික සම්පත් පැවසීය.

“එය අපගේ ජල සීමාවෙන් ඔබ්බට තිබුණත්, එය අපගේ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ කලාපය තුළ පවතිනවා. ජාත්‍යන්තර බැඳීම්වලට අනුව අපි පළමු ප්‍රතිචාර දැක්වූවන් වුණා” ඔහු පැවසීය.

“අපි ජලයේ සිටි පුද්ගලයින් සොයාගෙන ඔවුන් බේරාගත්තා. පසුව, ඔවුන් ඉරාන නෞකාවකට අයත් බව සොයාගත් විට, ඔවුන් ඉක්මනින් කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකළා. එහිදී ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටිනවා” ඔහු තවදුරටත් පැවසීය.

ප්‍රදේශයේ සෝදිසි කිරීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ඔහු පැවසීය.

“මුහුදු ප්‍රදේශයේ තිබී අපට හමු වූ මළසිරුරු නෞකාවටම අයත් යැයි අපි සැකකරනවා” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේදී සොයාගත් අනතුරට පත් ඉරාන යුද නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතදී ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත්, සම්පත් පැවසුවේ සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් වත්මන් ප්‍රමුඛතාවය වන බැවින්, මේ මොහොතේ මෙය තීරණය කළ නොහැකි බවයි.

ආපදා ඇමතුම ලැබුණු ස්ථානයට නාවික හමුදාව මුලින් ප්‍රතිචාර දැක්වූ විට, යාත්‍රාවක් සොයාගත නොහැකි වූ බවත්, තෙල් කාන්දුවීම්වල සලකුණු පමණක් දැකගත හැකි වූ බවත් ඔහු පැවසීය.

“සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් පසුව අපි තාක්ෂණික පරීක්ෂණ සිදුකරනවා.” ඔහු පැවසුවේ සිද්ධිය තවමත් අනතුරක් ලෙස සලකන බවයි.