
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසයි.
ඇමැතිවරයා පෙන්වාදෙන්නේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්රතිලාභ සඳහා අයැදුම්කර ඇති අතර ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
දැනට ඉදිරිපත්ව ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතින අතර, එය අවසන් වූ වහාම නව අයැදුම් පත් භාරගැනීම ද ආරම්භ කරන බව ඇමැතිවරයා සඳහන් කරයි.
දැනට පවුල් 1,792,265ක් අස්වැසුම සුබසාධන ප්රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 9,046,612ක් සුබ සාධන ප්රතිලාභ ලැබීම සඳහා අලුතින් ඇතුළත් වී ඇති බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති අතර, අභියාචනා සහ විරෝධතා පිළිබඳ සළකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළගා වීමට හැකි වනු ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
මේ අතර දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදි ම අදාළ මුදල් ගෙවීම සිදු කරනු ලබයි.
ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද, වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබාගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා පවසයි.
දැනට ආගමික ස්ථානවල සිටින පූජ්‍ය පක්ෂයට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනාට ද පෙර පරිදි සිය දීමනා හිමිවනු ඇත.
මේ අතර, අස්වැසුම ප්රතිලාභ ගෙවීම සඳහා මේ වන විට ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු සුබසාධන ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති අතර, ප්රතිලාභ ලබාගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් ඇමැතිවරයා අස්වැසුම සමාජ සුබ සාධන ප්රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ පිරිසගෙන් ඉල්ලා සිටියි.
ඒ සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවල ද විවෘතව පවතිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart