March 2, 2026

කොළඹ වරාය නගර වෙරළට ඔබ්බෙන් වූ මුහුදෙන් පිරිමි මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.

ජලයේ පාවෙන මළසිරුරක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත කොළඹ වරාය පොලිසිය විසින් මෙම සොයාගැනීම සිදුකර ඇත.

මියගිය පුද්ගලයා වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයකු ලෙස පොලිසිය හඳුනාගෙන ඇත.

පෙබරවාරි 28 වැනි දින වරාය නගරයේ පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.