February 25, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (25) උදෑසන සාකච්ඡා පවත්වා තිබේ.

සහයෝගීතාවයෙන් එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර එකඟතාවකට පැමිණීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබූ බව වාර්තා වේ.

ඊට අමතරව, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග, පාතාල ඝාතන සහ ගෑස් ආශ්‍රිත ගැටළු පිළිබඳ දීර්ඝ සාකච්ඡා පැවති බව වාර්තා වේ.

කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

සහභාගී වූ පිරිස අතර උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරළ, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් සිටියහ.