
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවක් විසින් සිය සැමියා කණුවක ගැටගසා ඉදලකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ සල්ලයන් ජනපදය, බොරලුගොඩ පදිංචි 32 හැවිරිදි අත්තනායක මුදියන්සේලාගේ ගාමීණි පත්මකුමාර නැමති පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා අසල නිවසකට අලුයම 1.00 ට පමණ ගොස් දොරට තට්ටු කර කරදර කර ඇති අතර, අධික බීමත්ව සිටීම හේතුවෙන් එම නිවස ඉදිරිපිට වැටී ඇත.
අනතුරුව නිවෙස් හිමි කාන්තාව අලුයම 4.00ට පමණ එම පුද්ගලයාගේ නිවෙසට ගොස් බිරිඳට මේ පිළිබඳව පවසා ඇත.
බිරිඳ පැමිණ බැලීමේදී එම නිවෙසේ කොරිඩෝවේ වැටී සිටි ඔහු පරුෂ වචන කියමින් බැනවදිමින් සිටිනු දැක, ඇය එම ආසන්නයේ තිබූ ඉදලකින් පහරදී ඇති අතර, පසුව කාන්තාවන් දෙදෙනා එක්ව ඔහුව කොරිඩෝවේ පිහිටි කණුවක දෑත් පිටුපසට වන්නට ගැටගසා නැවත ඉදලෙන් පහරදීම් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව පරිෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය අයගේ බිරිඳ රාත්‍රී ඇඳුමෙන් පැමිණ තිබූ අතර, නැවත නිවසට ගොස් වෙනත් ඇඳුමක් පැළඳ පැමිණ බැලීමේදී පහරදුන් සිය සැමියා මරණයට පත්වී ඇති බව දැන ගැනීමෙන් අනතුරුව, ගැටගසා තිබූ රෙදි කැබැල්ල පිහියකින් කපා ඇත.
සැකකාර බිරිඳ සහ අසල නිවසෙහි කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart