February 25, 2026

වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම බණ්ඩාර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහපොළ මාර්ගගත ලොතරැයිය සඳහා සැපයුම්කරුවෙකු තෝරාගැනීමේදී සිදු වූ බව කියන දූෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හිටපු ලේකම් ප්‍රියංක මද්දුම මහතා සහ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම පවසයි.