February 20, 2026

වයස අවුරුදු 65ට අඩු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන්, කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවාගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පළමු පෙළ ජේලර්, දෙවැනි පෙළ ජේලර්, සැරයන්, නියාමක, හෙද සහ ඖෂධ සංයෝජක තනතුරු සඳහා එලෙස කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කරයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.