February 11, 2026

දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විවිධ පාර්ශවවලින් ලද ප්‍රදානයන් සහ ආධාර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

එහිදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් සවිස්තරාතමක කරුණු ඉදිරිපත් කිරීමක් අවශ්‍ය බවයි.

ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමේදී දානපතියන්ගෙන් ලද අනුග්‍රහ, ණය සහ මානුෂීය ආධාර කොපමණද යන්න අපේක්ෂා කරන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු විමසා සිටියේ ඒවායින් වන්දි ගෙවීම් සහ යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය සඳහා වැය කළ මුදල් ප්‍රමාණය ද කොපමණ ද යන්නයි.

අන්තර්ජාතික දානපති සමුළුව පැවැත්වෙන්නේ කවදා ද යන්න සබන්ධයෙන් ද ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා මේවා සඳහා වගු සම්බන්ධ කර ගනිමින් පිළිතුරු සභාගත කරන ලෙස ද ඉල්ලා සිටියේය.